බෝඩිම



බෝඩිමට වහිනකොට
හීතලට දැනෙනකොට
ජනේලෙන් හිරිකඩත් ඇවිත් මං තෙමෙනකොට
බඩගිනිත් දැනෙනකොට
කඩේකට වත් යන්න කුඩේකුත් නැතුව මං එහෙම්මම නිදනකොට
අම්ම දන්නව නම්
පයින් හරි ඇවිත් අරන් යයි මං ගෙදර
මට තවම පුළුවන් උඹලට කන්න දෙන්න කිය කිය

~ චාටර් ජීවිතේ